

සංචාරක විනෝදාස්වාදය වෙනුවෙන් ‘පැටෙල් ට්‍රොලි’ ව්‍යාපෘතියක්
සංචාරකයින්ට විනෝදාස්වාදය සඳහා අනුරාධපුර හා මිහින්තලය අතර පීලී මත දුවන පැටෙල් ට්‍රොලි (Patel Trolley) හදුන්වා දීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. මෙම ව්‍යාපෘතිය ලබන මස සිටම ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි දුම්රිය සාමාන්‍යධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කරයි.මේ සඳහා අනුරාධපුර මිහින්තලය අතර දුම්රිය …

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට එරෙහිව නඩු!
අතීතයට බලපැවැත්වෙන පරිදි නීති ගෙනවිත් වත්මන් ආණ්ඩුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමට එරෙහිව එම විශ්‍රාමික මන්ත්‍රීවරු අධිකරණයේ නඩු පැවරීමට තීරණය කර ඇත. මේ සඳහා වන මූලික සාකච්ඡාවක් පසුගිය සතියේ පාර්ලිමේන්තු හිටපු විශ්‍රාමික මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් කොළඹදී පැවති අතර එහිදී මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා …

ගතවූ මාස 6ට රේගු ආදායම රුපියල් ට්‍රිලියනයක්
ශ්‍රී ලංකා රේගුව මෙම වසරේ ගත වූ මාස 6 තුළ දී රුපියල් ට්‍රිලියනය (බිලියන 1,000) ඉක්ම වූ ආදායමක් උපයා ඇති බව කොළඹ දී පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ ප්‍රකාශ කර තිබේ. ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ, 2025 වසර සඳහා රජය ලබාදුන් …

අනවසර විදුලි රැහැන් නිසා වන අලින් 35 මරුමුවට
පසුගිය කාල වලට සාපේක්ෂව අනවසර විදුලි රැහැන් වල පැටලීම නිසා වන අලින් ජීවිතක්ෂයට පත් වීමේ වැඩි නැඹුරුවක් මේ වසර තුළ දක්නට ඇතැයි පරිසරවේදීන් සහ සත්ව හිමිකම් ක්‍රියාධරයෝ පෙන්වා දෙති.වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු වාර්තා වලට අනුව ඉකුත් ජූනි 19 වන දා වන විට වන අලින් 35 …

අනිද්දා ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්
පෑලියගොඩ, වත්තල ඇතුළු ප්‍රදේශ කිහිපයකට අනිද්දා (07) උදෑසන 8.30 සිට පැය 12ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසයි. ඒ විදුලිබල මණ්ඩලයේ සපුගස්කන්ද උප පොළ මඟින් බෙදාහරින මාර්ගයන්හී අත්‍යාවශ්‍ය නඩත්තුවක් හේතුවෙන්. පෑලියගොඩ, වත්තල, ජා ඇල, කටුනායක – සීදූව නගර සභා බල ප්‍රදේශවලට …

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (5) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දෙනුම්දෙයි. තවද ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි …

ඉන්දියානුවෙකුගෙන් ඓතිහාසික අභ්‍යවකාශ ගමනක්
ඉන්දියානුවකුගේ ඓතිහාසික අභ්‍යවකාශ ගමනක් ගැන පසුගිය දිනවල වාර්තා විය. මෙම ඉන්දියානුවාගේ නම ශුභාංශු ෂුක්ලා ය. ඔහු ඉතිහාසයට එක් වූයේ අභ්‍යවකාශයේ රඳවා ඇති ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය නැමැති අභ්‍යවකාශ විද්‍යාගාරයට ගිය පළමු ඉන්දියානුවා බවට පත් වෙමිනි. පෘථිවියේ සිට කි.මී. 400 ක් ඉහළ අභ්‍යවකාශයේ පාවෙමින් ඇති ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය (International Space Station ) ඇමරිකාවේ නාසා ආයතනය ඇතුළු තවත් අභ්‍යවකාශ ආයතන කිහිපයක් එක්ව පවත්වාගෙන යන විද්‍යාගාරයකි. විවිධ රටවල අජටාකාශගාමීහු වරින් වර මෙම විද්‍යාගාරයට යමින් සති ගණන්, මාස ගණන් එහි රැඳී සිටිමින් අභ්‍යවකාශ ක්‍ෂේත‍්‍රයට අදාළ විවිධ පර්යේෂණවල නිරත වෙති. ශුභාංශු …

රඹුටන් වාරයට මල්වානට බැලුම් හෙළන අඟල් පහලොවේ රීරියකා
තවත් රඹුටන් වාරයක් අත ළඟටම පැමිණ තිබේ.මේ කාලයට කැලණි නදියට නොදුරු මල්වාන හා ඒ ආශ්‍රිත ගම්මාන වලින් දක්නට ලැබෙන සොබා සොඳුරු බව අප රටේ අන් ප්‍රදේශ වලින් දක්නට ලැබුණොත් ඒ ඉතා කලාතුරකිනි.මල්වාන හා අවට සදාහරිත තුරු ලිය අතුරින් අධික රතු සහ කහ පැහැයෙන් යුතු රඹුටන් වලු පිටින් එල්ලී තිබෙනු දකින අපට හැඟී යනුයේ මෙවන් දසුනකින් සිතට දැනෙන මිහිරියාව අතිශය දුලබ වූවක් බව ය. එමෙන්ම රඹුටන් වාරයට මල්වානට මිනිසුන් ගේ වවුලන් ගේ ලේනුන් හා කුරුල්ලන් ගේ මෙන්ම රීරි යකාගේ බැල්ම පවා යොමුවන බවට පැවති විශ්වාසයක් පිළිබඳව …

අන්ත දිළිඳු පවුලක ඉපිද රටේ නායකත්වය දක්වා පැමිණි දකුණු කොරියාවේ නව ජනාධිපති
රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් කටයුතු කළ හිතුවක්කාර ජනාධිපතිවරයකුට එරෙහිව නැගී සිටිමින් ඔහු දෝෂාභියෝගයක් හරහා ගෙදර යැවූ දකුණු කොරියානු ජනතාව පසුගිය සතියේ අලූත් ජනාධිපතිවරයකු පත් කර ගත්හ. දැඩි දේශපාලන අර්බුදයකට ගොදුරු වී සිටි දකුණු කොරියාව නැවත ස්ථාවර කිරීමේ අභියෝගය දැන් භාර වී ඇත්තේ පසුගිය 03 වැනි දින පැවති ජනාධිපතිවරණයෙන් ජයගෙන ජනාධිපති ධුරයට පත් වූ ලී ජේ-ම්යුංට ය. ඔහු පසුගිය කාලයේ දකුණු කොරියාවේ විපක්ෂ නායකවරයා වූ අතර ජනතාව ඔහු පිළිබඳ දැඩි විශ්වාසයක් තබා ඇති ආකාරයක් ජනාධිපතිවරණ ප‍්‍රතිඵලවලින් දැකගත හැකි වේ. ලී ජේ-ම්යුං අද වනවිට ඉතා සාර්ථක ගමනක් …

වයසට ගියත් තානායම් පොළේ ඔමරි පාන නොංචි අක්කා
මේ වන විට අප රටේ සාම්ප්‍රදායික වෙස් මුහුණු අතුරින් නොංචි කෝලම සහ අණ බෙර කෝලම යන මුහුණු සඳහා සුවිශේෂ ඉල්ලුමක් පවතින බවට තොරතුරු ලැබී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ හිටපු මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභහයසුන්දර පසුගිය දිනෙක කීය.ඒ පිළිබඳව බැලූ බැල්මටම පෙනී යන කරුණක් වනුයේ අතීත ගැමි සමාජයේ ප්‍රකටව සිටි …

එලොව ගිහින් මෙලොව ආ යකැදුරන්ට මොකද වුණේ ?
තම ජීවිතය පරදුවට තබා යමකු හට ජීවිත දානය ලබා දීම කිසිවකුටත් ලේසියෙන් කළ හැකි දෙයක් නොවේ. එහෙත්, තමන්ගේ සේවාලාභියකු මරු මුවින් ගලවා ගැනීම පිණිස මරු මුවට පැන එහි රැඟුම් දක්වන සුවිශේෂ මිනිස්සු පිරිසක් අප අතර වෙති. නමුදු එහි ඛේදනීය හා විස්මයකට තුඩු දෙන කරුණ වනුයේ මීට දශක කිහිපයකට පෙර අප …

බේබි සිඤ්ඤෝට සහ ජැක්සන් ඇන්තනිට වැහුණේ එකම මහසෝනා ද ?
ශ්‍රී ලාංකේය විශ්වාස අතරට අයත් යකුන් අතුරින් ප්‍රබලතම හා බිහිසුණුම යක්ෂයා මහසෝනා ය. ඔහුගේ මෙම අනභිබවනීයත්වය කොතෙක්ද යත් සමස්ත ශ්‍රී ලාංකේය යක්ෂ බල මුළුවේ නායකත්වය හිමි කරගෙන ඇති මහසෝනා යකුන් හත් ලක්ෂයක ගේ නායකයා බවට ජන විශ්වාසයක් ඇතැයි මහාචාර්ය තිස්ස කාරියවසම් සූරීහු පවසති. (මහසෝන් සමයම විමර්ශනය-2001-එස්.ගොඩගේ සහෝදරයෝ) විවිධ පුරාවෘත්තවලට අනුව …

ලොව ධනවත්ම මිනිසා ඊලෝන් මස්ක් දේශපාලන පක්ෂයක් පිහිටුවීමට යයි
ලෝකයේ ධනවත්ම මිනිසා ලෙස ප්‍රසිද්ධියක් දිනා සිටින ඊලෝන් මස්ක් දේශපාලන පක්ෂයක් පිහිටුවා ඉදිරියේදී ඇමරිකාවේ ජනාධිපති ධුරයට තරග කිරීමට ඉඩ ඇති බවට මේ වනවිට ආරංචි පැතිරෙමින් තිබෙනවා. තමා ඇමරිකානු පක්ෂය (American Party) නමින් පක්ෂයක් පිහිටුවන බවට මස්ක් පසුගිය දිනවල ඉඟි කර තිබුණා. අති විශාල ධනස්කන්ධයකට හිමිකම් කියන ඔහු මේ ආකාරයෙන් පක්ෂයක් පිහිටුවාගෙන දේශපාලනයට අවතීර්ණ වුවහොත් එය ඇමරිකානු දේශපාලන ඉතිහාසයේ ඉතා කැපී පෙනෙන සිදුවීමක් වනු ඇති. ඇතැම් විට මෙම …

බුද්ධ ගයාවේ නිසි උරුමය බෞද්ධයන්ට ලැබෙන පාටක් නැද්ද?
1949 බුද්ධගයා විහාර පනත අභියෝගයට ලක්කරමින් සහ බුද්ධගයාවේ මහා බෝධි විහාරය බෞද්ධ ප්‍රජාව විසින් තනිව පාලනය කිරීම හා කළමනාකරණය කිරීමට අවසර ඉල්ලා ගොනුකළ පෙත්සමක් විභාගයට ගැනීම ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙන බව The Times of India පුවත්පත වාර්තා කොට තිබේ.මෙය යුක්තිය හා සාධාරණත්වය සම්බන්ධයෙන් උනන්දුවක් පළ කරන සැමගේ විශේෂ අවධානයට යොමු විය යුත්තකි. 1949 බුද්ධගයා විහාර පනත සංශෝධනය කර මහා බෝධි විහාරස්ථානයේ පාලනය බෞද්ධ ප්‍රජාවට පවරා දෙන …

අලි-මිනිස් ගැටුම් අවුළුවාලීමෙන් ග්‍රාමීය දුප්පත්කම පිටුදැකිය හැකිද?
ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා ප්‍රමුඛ ජාතික ජන බලවේග රජය විශාල ජන වරමකින් බලයට පත්වීමත් සමග ඔහුද නිතර සඳහන් කරන ‘ග්‍රාමීය දුප්පත්කම පිටුදැකීම’ පිළිබඳව ජනතාව තුළ විශාල බලාපොරොත්තු රැසක් දැල්වින. එම බලාපොරොත්තු ඉටු කිරීමට නම් ශ්‍රී ලංකාවේ සමස්ථ වියලි කලාපයම පාහේ ඇතුලත් විශාල වපසරියක පැතිරී ඇති අලි-මිනිස් ගැටුම අවම කිරීමට හිමිවිය යුත්තේ ප්‍රමුඛස්ථානයකි. එම සංකීර්ණ මානව-වනජීවී ගැටුම අවම කිරීම සඳහා මෙතෙක් භාවිතාකළ අවිද්‍යාත්මක, යල්පැනගිය, අසාර්ථක විසඳුම් පසෙකලා …

සමලිංගික විවාහවලට ආණ්ඩුව එකඟද නැද්ද?
මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් වෝකර් ටර්ක් විසින් මෑතක දී සිදු කරන ලද ප්‍රකාශයක් ශ්‍රී ලංකාව තුළ යම් කැලඹීමකට හේතු වී තිබේ. ශ්‍රී ලංකාවේ දින හතරක නිල සංචාරයකින් අනතුරුව ප්‍රකාශයක් නිකුත් කරමින් ටර්ක් පවසා සිටියේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් සමලිංගික (LGBTQ – Lesbian, Gay, Bisexual, Transgender, and Queer) විවාහ නීතිගත කිරීමේ කෙටුම් පත සම්මත කර ගනු ඇතැයි තමා අපේක්ෂා කරන බවය. කෙසේ නමුත් මේ ප්‍රකාශය …

නිවැරදි ඉරියව් පවත්වා ගනිමු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
අපගේ සිරුරේ නිවැරදි ඉරියව් පවත්වා ගැනීම ඉතාම වැදගත්. එසේ වැදගත් වන්නේ එදිනෙදා අප නිරත වන කාර්යයන් වල දී නිවැරදි ඉරියව් පවත්වා ගැනීම තුලින් මාංශ පේශීන්වල වේදනා ඇතිවීම, ඒවා ආතතියට පත්වීම, ඉරීයාම වැනි රෝග තත්වයන්ගෙන් වැළකීම සඳහා සිරුරේ බර සමානව සිරුර පුරා බෙදී යන සේ තබා ගැනීමට හැකිවන නිසයි. තවද වයසට යාමේදී පිටකොන්ද කුදු ගැසීම, බෙල්ලේ සහ උරහිස්වල වේදනා ඇතිවීම වැනි …

තිර කාලය (Screen Time) වැඩි වීමෙන් ඇතිවිය හැකි සෞඛ්‍ය ගැටළු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
මෙය වර්තමානයේ බොහෝ දෙනා කතා කරන මාතෘකාවක් වගේම බොහෝ දෙනා මුහුණ පා සිටින ගැටළුවක්. මේ ගැන වැඩි දුර කතා කරන්නට ප්‍රථමයෙන් මේ තිර කාලය (screen time) යනුවෙන් අදහස් කරන්නේ කුමක්දැයි විමසා බලමු. මෙයින් අදහස් කරන්නේ යම් පුද්ගලයකු පරිඝනක, ජංගම දුරකථන, ටැබ් හෝ රූපවාහිනිය වැනි ඉලෙක්ට්‍රොනික උපකරණවල තිරය දෙස බලාගෙන සිටින සම්පූර්ණ කාලයයි. එම බලා ඉඳීමේ කාලය තුල ඔවුන් පරිඝනක හා …

“එක පාරටම තද පපුවේ කැක්කුමක් ඇල්ලුවා දැන් ඒක හරි”කියා සැනසෙන්න ඔබටත් පුළුවන් ද ? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
හිස කෙස්, නියපොතු ආදී ස්නායුමය සබැදියාවක් නොමැති කොටස් හැරුණු කොට අප ශරීරවල ඉන්ද්‍රිය පද්ධතියේ ඕනම තැනකින් ඕනෑම වේලාවක කවර හෝ මාදිලියක වේදනාවක් ඇති විය හැක.මෙය ජීවීන් වශයෙන් අප සියළු දෙනාට හිමි පොදු උරුමයකි. එහෙත්, විවිධ වේදනා කැක්කුම් සම්බන්ධයෙන් ඇතැමුන් පවසනුයේ “මම නම් ඔය වේදනා කැක්කුම් ඒ තරම් ගණන් ගන්නේ නෑ” යනුවෙනි. දත් කැක්කුම, හිස කැක්කුම ආදී වශයෙන් ශරීරයට දැනෙන සෑම වේදනාවක්ම ස්නායු පද්ධතියේ කිසියම් ව්‍යාකූලත්වයක් අඟවන්නක් සේම ඒ බොහොමයකින් අප ගේ සෞඛ්‍යය සම්බන්ධ ආනතුරු හැඟවීම් …

මී මැසි පාලක කවියා දුටු “අවුරුද්දට පසු දා”
මී මැස්සා යන වදන සමඟම අපේ සිත් තුළ මැවෙන්නේ රසය මැවීම පිළිබඳ සංකල්පයක්. නමුත් අද අපි කතා කරන්නේ වෘත්තීය මීමැසි පාලකයකු ගේ කවි රස මැවීමක් පිළිබඳව. ඔහු තිස්ස බණ්ඩාර තඹවිට …

අපේ රටේ සැම පුරවැසියන් දෙදෙනකුටම එක රිළවෙක් ගාණේ ඉන්නවා ද?
ශ්‍රී ලංකාවේ ප්‍රථම සත්ත්ව සංගණනය ලෙස නම් කරමින් පසුගිය මාර්තු 15 වන දා සිදු කළ සත්ව තොරතුරු සමීක්ෂණය පිළිබඳ වාර්තාව එම සමීක්ෂය සිදු කොට සිව් මසක් සපිරීමට දින තුනක් තිබිය දී ඉකුත් 12 වන දා එළිදක්වන ලදී.ඒ රට පුරා හිඳින පරිසරවේදීන් ගේත් සත්ව හිමිකම් හා සුබසාධන ක්‍රියාධරයන් ගේත් නොමඳ අවධානයට ලක් වෙමිනි.එහි දී කෘෂිකර්ම, පශු …
.
“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි

කතරගම පාද යාත්‍රාව දඩමීමා කරගනිමින් යාල සහ කුමන ජාතික උද්‍යාන වැනසීම මෙවරත්
යුද්ධය නිමා වීමෙන් පසුවද වසර ගණනාවක් පාද යාත්‍රාවේ වන්දනාකරුවන් ගමන් කළේ කිසිවෙකුගේ දන්සැල් මත යැපෙමින් නොවේ. සැබැවින්ම මෙවැනි දන්සැල් අවශ්‍යවී ඇත්තේ මෙම පාද යාත්‍රාව දඩමීමා …

විල්පත්තුව නැවත වැනසීමට ජනපති හා අගමැතිවරිය සූදානම් ද?
විල්පත්තුව ජාතික වනෝද්‍යාන සංකීර්ණය මෙන් ම ඒ හා සම්බන්ධ රක්ෂිත වනාන්තර ජාලය පාරිසරික, ජෛව විද්‍යාත්මක හා පුරා විද්‍යාත්මක ව වැදගත් වන වර්තමාන හා අනාගත පරපුරට …

ප්‍රේක්ෂකයන් වසඟයට ගත් දෘශ්‍යම් චිත්‍රපට මාලාවේ තුන්වැනි කොටසක්
ජැක්සන් ඇන්තනී සහ දිල්හානි අශෝකමාලා ප්‍රධාන චරිත නිරූපනය කළ ධර්ම යුද්ධය චිත්‍රපටය සිනමාලෝලීන්ට තවමත් මතක ඇතුවාට සැකයක් නැහැ. මෙම සිනමාපටය නිශ්පාදනය වූයේ අතිශයින් ජනප්‍රිය වූ ඉන්දියානු චිත්‍රපටයක් ඇසුරෙනු යි. එහි …

තිත්ත සීනි ගැන ඔබට කියා දෙන “සීනි අම්මලා” ගේ කතා
‘සීනි අම්මලා’ සහ ‘සීනි තාත්තලා’ පිළිබඳ කතා මෑතක සිට අපට වැඩි වශයෙන් අසන්නට ලැබුණු ජනප්‍රිය කාරණා වන අතර මේ වසරේ මුල් භාගයේ ප්‍රදර්ශනය ආරම්භ කෙරුණු Sugar Mama චිත්‍රපටය, මේ පිළිබඳ …

වන අලින් මැද මළ මිනියකට තනි රැක්ක ග්‍රාම නිලධාරී රොසලින් නෝනා – සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති
උතුරු නැගෙනහිර ත්‍රස්තවාදී යුද්ධය පැවැති සමයේ ත්‍රස්තවාදීන්ගේ තර්ජනයට ලක්ව තිබුණු ඓතිහාසික දීඝවාපිය ගමට නිල නායකත්වය සපයමින් ගම්වාසීන්ගේ කුදු මහත් කටයුතු සියල්ලම අප්‍රමාදව රජය සමග සම්බන්ධීකරණය කරමින් දිර්ඝ කාලයක් අනුපමේය මෙහෙවරක් දීඝවාපි ගමට හා ජනතාවට සිදු කළ විශ්‍රාමලත් ග්‍රාම නිලධාරීනි කේ. රොසලින් නෝනා මහත්මිය අභාවප්‍රාප්‍ත වූ බව මට දැන ගන්නට ලැබුණි …

ගැරඬි ඇල්ල බස් රථ ඛේදවාචකයට “අද්භූත හේතුවක් “මුල් වුණාද ?
පසුගිය 11 වන දා කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී වටිනා මිනිස් ජීවිත විසි තුනක් අහිමි කරමින් සිදු වූ බස් රථ අනතුරින් පසුව පැවැති මාධ්‍ය හමුවකදී එක් මාධ්‍යවේදියකු ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා ගෙන් තරමක් අමුතු පැනයක් ඇසී ය. ඒ එම අනතුරට කිසියම් අද්භූත බලපෑමක් මුල් වී …

ලෝකය ඉදිරියේ අපේ රට රිළා – වඳුරු කොදෙව්වක් වේද?
ශ්‍රී ලංතා ඉතිහාසයේ දැවැන්ත ව්‍යාපෘතියක් යැයි හඬ නගමින් 2025 මාර්තු 15 වැනිදා ජාතික සත්ත්ව සංගණනයක් පවත්වනු ලැබිණි. එහි ප්‍රතිඵල ජූනි 12 වැනිදා කෘෂිකර්ම අමාත්‍යංශය මගින් මාධ්‍ය හමුවේ තබනු ලැබූ අතර එය දුටු විට ‘දැවැන්ත ව්‍යාපෘතියක් කළේය’ යැයි සතුටින් අත්පොළසන් තලනවාට වඩා ‘මොකක්ද මේ සිද්ධ වුණේ?’ යැයි සිතමින් විස්සෝප වන්නට සිදු …

“යකා වැහීම” සහ “යකා නැටීම” හරියටම කෙරෙන යක් මඩුව
“යකා වැහීම” සහ “යකා නැටීම” යන්න මේ වන විට දේශපාලන කරලියේ සිට නොයෙක් තැන් වල හා අවස්ථා සඳහා ආදේශ කළ හැකි වදනකි.එහෙත්, මෙම තත්වයන් දෙක කිසිදු අඩුවකින් තොරව එකම තැනක දී සැබෑ ස්වරූපයෙන් සිදු කෙරෙන ප්‍රජා ශාන්ති කර්ම විශේෂයක් මේ වන විටත් අප රටේ බස්නාහිර පළාත කේන්ද්‍රගතව ශේෂ මාත්‍රික ලෙස …